Blogspot - kaluwaraas.blogspot.com - කළුවර හරිම කළුවරයි

Latest News:

උඩින් වැ‍ටුණු උන් 4 Jan 2013 | 01:11 pm

ලස්සනට මල් පිපුනු කළු පාට මිරිගුවෙන් ගොඩවෙන්න පුළුවනිද උඩින් වැ‍ටුනත් උඹට පොඩි උන්ගේ පොඩි හීන මහ උන්ට විකුණන්න ඉඩ දෙන්න පුළුවන්ද උඩින් වැටුනත් උඹට කිරිබිපූ දෙතොලගට ලේ රහක් නොදෙන්නට වෙර ගන්න ...

මතකය 8 Jun 2012 | 11:15 am

අදුරට බිලි දුන් සිතුවිලි නුඹගේ එළියෙන් කදුරැල් දැවෙනු පෙනේ..... හසරැල් බිදකට ඉඩක් තියේවිද මතකය වද දෙන හිතට නුඹේ....

දෙපා සොයන මල් පාවඩ.......!! 26 May 2012 | 03:14 pm

දෙනෙත් පියන්පත් බොදවෙයි අවතැන් වී කදුළු බිදට හිත් දෑලේ දෝර ගැලූ සිහින මැදුරු සුන් වූ කල...... දුක් ගින්දර සිල්ලර කර උඩු සුළගේ පා කරනට මදුමායා සිනාසුනා අඩ අදුරේ වීදී කොනක සුළු මොහොතක සුවය දිදී....

පාට හීන... 1 May 2012 | 07:09 pm

වසන්තයට පෙර එක දවසක් දුටුවා නුඹ එක හීනෙක.... මටත් හොරෙන් ඒ හීනෙන් එකළු වුනා වසන්තයම.......... පාට පිරුණු නුඹෙ දෑතින් සිත්තම් කළ මගෙ ලෝකය රැගෙන ගියා මගේ හදින් නොපෙනෙන තරමට ඈතට..

නුඹ තරම්.... 28 Apr 2012 | 10:42 pm

සදු තරම් මට හිරු තරම්... ආදරේ තිබු නුඹෙ ළයේ.. නුඹ තරම් නුඹෙ රුව තරම් සෝ සුසුම් දුන් කිසිවක් නැතේ වේදනාවන් විදිනට තරම් සිතේ සවියක් නැති මගේ.. නුඹේ සුසුමන් හැර වෙනින් යම් නොමැත කිසිවක් මේ ලොවේ.. ...

සියුමැලිද කළුවරත් මෙතරම්.................... 19 Apr 2012 | 03:11 pm

සියුමැලිද කළුවරත් මෙතරම් නුඹේ හදවත ඉස්සර වගේ.......... මගේ හිත නුඹ කළුවරට ගෙනිහින් කළුවරත් දැන් මගෙ වගේ... හීන අතරින් අදුර හිනහේ නුඹව නොපෙනෙන්නට වගේ.. නෙත ගිලන් වී වැටෙන කදුළට නුඹේ මතකය යළි ඇදේ...

ඔබ නොවුනි නම් 8 Jul 2011 | 10:12 pm

නිදන නෙතුපිය හෙමින් රිද්දන සිහිනයද ඔබ නොවුනි නම් හඩන හදවත තවත් රිද්දන දරුණු හිත නුඹෙ නොවුනි නම් සිනා වී සිට මගේ හදවත ඔබ හොරෙන් ගෙන නොගිය නම් අනේ සත්තයි සිනහ වෙමි මම එදා ඔබ හමු නොවුන නම්........

යලි දීපන්... 7 Jun 2011 | 07:23 pm

Recently parsed news:

Recent searches: